පසුගිය දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට තද වැසි ඇදහැලෙන අතර අද (19) උදෑසන සිට මුහුදු ප්‍රදේශවල තද සුළං හමා යන බවද වාර්තාවේ.
අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල පූනොච්චිමුනෛ නාවලඩි, කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.
ධීවර කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත මුහුද ඉතා කැලඹිලි සහිතයි.
මේ නිසාවෙන් ධීවර කටයුතුවලට බාධා ඇතිව තිබේ.
අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් ළමා උද්‍යාන රැසක් ජලයෙන් යටවී ඇති අතර ක්‍රීඩා පිටි රැසක් ජලයෙන් යටවී ඇත.

