ගෑස් මාර්තු 12 වනිදා සිට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට

Published in පුවත්
Friday, 20 February 2026 19:37

එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

කෙසේවෙතත් ඉකුත් දින කිහිපයේ මෙන්ම අදත් ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක් දක්නට ලැබුණි.

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාරිභෝගිකයින් මැසිවිලි නැගූ අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති බවත්, ඒ අනුව පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේය.

මෙවන් පසුබිමක අද උදෑසන වන විට ප්‍රදේශ කිහිපයකට නව ගෑස් තොග ලැබී තිබුණි.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවලට තවමත් ලිට්‍රෝ ගෑස් ලැබී නොමැති බවද වාර්තා වෙයි.

එමෙන්ම ප්‍රදේශ රැසක තවමත් ලාෆ්ස් ගෑස් හිඟයක් ද පවතින අයුරු දක්නට ලැබෙයි.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ පෙබරවාරි 26 වැනිදා සිට ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන බව අදාළ සමාගම දැනුම්දී ඇති බවය.

කෙසේවෙතත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසන්නේ, දේශීය ගෑස් නිපදවීමට 2012 වසරේදී ගෙනආ සියලු උපකරණ මෙතෙක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය හෝ අසමත්වී ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us