ඇමති විජිත අද ජර්මනියට

Published in පුවත්
Thursday, 26 February 2026 06:57

අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍යවරයා අද (26) සහ හෙට (27) යන දෙදින මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි.

ජර්මානු – ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ (OAV) බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුව මෙම සංචාරය සංවිධානය කර තිබෙනවා.

වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි.

OAV බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සර උත්සවයේදී අමාත්‍ය හේරත් මහතා ආසියාවේ ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙසයි සහභාගී වීමට නියමිතව ඇත්තේ.

එම අවස්ථාවේ ජර්මානු පාර්ශවයේ ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස ජජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය ජොහාන් වාඩෙෆුල් සහභාගී වීමට නියමිතයි.

OAV – German Asia-Pacific Business Association යනු ජර්මානු–ආසියානු ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන විශාලතම ජර්මානු සංගමය වන අතර, ආසියා පැසිෆික් කලාපයේ ජර්මානු ව්‍යාපාරික නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරන ප්‍රමුඛ වේදිකාවක්.

මෙම සංචාරයේදී අමාත්‍ය හේරත් මහතා ජොහාන් වාඩෙෆුල් මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, ශ්‍රී ලංකාව පිළිබඳ ව්‍යාපාරික සාකච්ඡාවකටද සහභාගී වීමටත් නියමිතයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us