2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින්ට හදිසි සාකච්ඡාවක් හෙට

Published in පුවත්
Thursday, 26 February 2026 07:11

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින් වෙනුවෙන් හදිසි සාකච්ඡාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

හෙට ( 27 )එම සාකච්ඡාව පැවැත්වීමට නියයමිත බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්, 2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුව පැවසුවේ මාර්තු මස 03වනදාට සිය එකමුතුව විසින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බවට වාර්තා වීම හේතුවෙන් මෙම සාකච්ඡාව ලබා දී ඇති බවය.

වසර 17ක සිට තිබෙන ශ්‍රේණි ගැටලුවට විසඳුම් ඉල්ලා දීර්ඝ කාලයක සිට සිදුකරන ලද සාකච්ඡා අසාර්ථක වීම සහ පරිපාලන නිලධාරින් මෙම ගැටලුව නොසලකා හරිමින් කල්මැරීම යන කරුණු මත සිය කණ්ඩායම විසින් අනෙක් ග්‍රාම නිලධාරි වෘත්තිය සංගම් සියල්ල සහ පරිපාලන ග්‍රාම නිලධාරි සංගම්වල සහාය ඇතිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ තීරණයක සිටි බව සඳහන් වේ.

2007 වර්ෂයේ පැවැති බඳවාගැනීමේ තරග විභාගයෙන් සමත්ව ග්‍රාම නිලධාරි සේවයට එක්වූ 2,300කට අධික එනම් දැනට සක්‍රීය සේවයේ සිටින නිලධාරින්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් 009/2010 ග්‍රාම නිලධාරි එකමුතු නියෝජනය කරයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සිය සාධාරණ වෘත්තීය ඉල්ලීම් ජයග්‍රහණය කරන තෙක් ඉදිරියේදී කටයුතු කරන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us