ලංවිම වැඩවර්ජනය VRS සේවක එකමුතුව දැඩිව හෙළා දකී

Published in පුවත්
Thursday, 26 February 2026 19:11

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කරන සංකේත වැඩවර්ජනය දැඩි ලෙස හෙළා දකින බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) පවසයි.

බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නීතිවිරෝධී බවය.

වෘත්තීය සමිති නායකත්වයෙන් එල්ල වූ තර්ජන මධ්‍යයේ වූව ද සේවකයින්ගෙන් සියයට 25කටත් වඩා අඩු පිරිසක් පමණක් මීට සහභාගීවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව ඔවුන් සඳහන් කරයි.

දැනට ක්‍රියාත්මක වන ලංවිම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ රජයට විරුද්ධ දේශපාලන න්‍යාය පත්‍රයන්ට සහායදීමේ අරමුණින් කරන කිසිදු ක්‍රියාවකට සහභාගී නොවන ලෙසට සිය සාමාජිකයින්ට උපදෙස් දුන් බව ඔවුන් අවධාරණය කරයි.

ලංවිම ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුවේ සේවකයින් කිසිවෙකු මෙම සංකේත වැඩවර්ජනයට සහභාගී නොවූ බවත්, ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමේ අරමුණින් අනාගතයේදී සිදු කරන එවැනි කිසිදු ක්‍රියාවකට ඔවුන් සහභාගී නොවන බවත් ඔවුන් දැනුම්දෙයි.

මේ අතර මෙම සමිතිවල තර්ජනයට බිය නොවන ලෙසට ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

රටේ යහපත උදෙසා "නියමිත දිනය" ගැසට් කිරීම මගින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අවසන් අදියර කඩිනම් කරන ලෙස ද ඔවුන් බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙහි දැක්වෙයි.

යම් හෙයකින් අදාළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වූවහොත් අනුමත වැටුප් රහිත නිවාඩු ලබාගැනීම අවසර දෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us