ඒ අතර ශ්‍රී ලාංකිකයන් සහ ලංකාවේ සිට යුරෝපා රටවලට ගමන් කරමින් සිටි සහ ශ්‍ලංකාවට පැමිණෙමින් සිටි විදේශ සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් ද සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම ගුවන් තොටුපළ පරිශ්‍රයන් සහ ඒ අවට ප්‍රදේශ ද අනාරක්ෂිත වීමෙන් මෙම පිරිස් දැඩි පීඩාවකට පත්ව ඇති අතර, ආරක්ෂිත ස්ථාන කරා යෑමට හෝ සිය රටවල වගකිව යුතු ආයතනවලට දුරකතන සම්බන්ධතා ලබා ගැනීමද දුෂ්කර වී ඇති බවත් වාර්තා වෙයි.
ගුවන් ගමන් නිරීක්ෂණ අඩවි සහ රජයේ ආයතනවලට අනුව, ඊශ්‍රායලය, කටාර්, සිරියාව, ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් අවකාශය හෝ ගුවන් තොටුපළ වසා දමා තිබුණි.
සෞදි අරාබිය, ජෝර්දානය සහ ඊජිප්තුවේ විවෘතව පැවති ගුවන් තොටුපළවල් ඇතුළුව මැද පෙරදිග පුරා ගුවන් තොටුපළවල් වෙත සහ ඉන් පිටතට ගුවන් ගමන් 2,800 කට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනය තුළ පමණක් අවලංගු කරන ලද බව ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඒ අතර ලන්ඩන්, මුම්බායි, දිල්ලි, බැංකොක්, ඉස්තාන්බුල්, ශ්‍රී ලංකාව සහ පැරිස් යන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වලින් පැමිණීමට තිබු දුසිම් ගනනක ගුවන් ගමන් අවලංගු කර ඇති බව වාර්තා විය.
කෙසේ නමුත් මෙම ගුවන් තොටුපළවල් නැවත විවෘත වන්නේ කවදා ද හෝ මැද පෙරදිගට සහ ඒ හරහා ගුවන් ගමන් නැවත ආරම්භ වන්නේ කවදා ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිව, රැකියා සඳහා පිටත් යන්නන්, සංචාරකයින් සහ ව්‍යාපාරිකයන් ගෙන් , හෝටල් සහ ගුවන් තොටුපොළවල් පිරී තිබේ.
මේ තත්වය මත මේ වන විට ඇතැම් රජයන්, තම අතරමං වූ පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගන්නා ලෙස උපදෙස් සහ පහසුකම් සලසා දී ඇති අතර, සිය පුරවැසියන් නැවත එම රටවලට ගෙන්වා ගැනීම හෝ අපේක්ෂා කළ ගමනාන්තය වෙත රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විටත් විකල්ප ක්‍රියාමාර්ග වලට පිවිස තිබේ.
ඇතැම් ගුවන් සමාගම් බලපෑමට ලක් වූ සංචාරකයින්ට සහන ලබා දී ඇති අතර එමඟින් අමතර ගාස්තු හෝ ඉහළ ගාස්තු ගෙවීමකින් තොරව ඔවුන්ගේ ගුවන් ගමන් සැලසුම් නැවත වෙන්කරවා ගැනීමට ඉඩ සැලසී ඇත. තවත් සමාගම් සම්පූර්ණ මුදල් ආපසු ලබා දී ඇත.
විශේෂයෙන්ම මේ වන විට කලාපයේ අනෙක් ගුවන් තොටුපළ වලට වඩා ආරක්ෂිත තත්වයක පවතින ඔ්මානයේ මස්කට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MCT) හරහා ගමන් ගමන් ක්‍රියාත්මක කිරීමට යුරෝපා රටවල් කිහිපයක්ම මේ වන විට සූදානම් වෙමින් පවතී.
යුධ ගැටුමට ඕමානය සෘජුවම සම්බන්ධ නොවූ අතර මුළුමනින්ම ගුවන් ගමන් අත් හිටුවීමක් සිදු කළේ නැත. නමුත් අසල්වැසි රටවල් ගුවන වසා දැමීම නිසා ගුවන් මාර්ග සහ කාලසටහන් වල වෙනස්කම් සිදු කර තිබිණි.
ඒ අනුව සිය මඟීන්ට මස්කට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ආරක්ෂිතව මැදපෙරදිග කලාපයෙන් ඉවත්ව යෑමේ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් කටයුතු සිදු වෙමින් පවතී.
.
මේ වන විටත් ඔ්මානයේ මස්කට් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සහ කලාපයේ තවක් ගුවන්තොටුපොළ වල ද ලාංකිකයන් විශාල පිරිසක් ද රැදී සිටී.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය මැදිහත් වී තමන්ව නැවත ලංකාවට ගෙන්වා ගැනීමට හෝ තමන්ගේ ගමනාන්තයන් වෙත රැගෙන යාමට විකල්පයක් ක්‍රමවේදයක් කඩිනමින් සලසන ලෙසයි.
මේ වන විට යුදමය තත්වය ක්‍රමයෙන් දරුණු වෙමින් පවතින අතර මැද පෙරදිග බොහෝ රටවල අමරිකානු හමුදා කඳවුරු, ගුවන් තොටුපොළ, වරාය ආදිී මර්මස්ථාන ඉලක්ක කරගෙන එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන් තවදුරටක් වර්ධනය වෙනු ඇති බවට මත පලවී තිබේ.
මේ අනුව ඉතා කඩිනමින් මෙරට පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගැනීම විය යුතුයි.
මේ වන විට ඔ්මානයේ රැදී සිටින ඉතාලිය බලා යමින් සිටි මෙරට පුරවැසියකු අප වෙත දන්වා සිටියේ, මේ වන විට ඉතාලි රජය විසින් සිය පුරවැසියන් සිය රටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යොදවා ඇති බවයි.
ඔ්මානයේ සිට ඉතාලිය බලා යෑමට අපේක්ෂාවෙන් රැදී සිටින ශ්‍ලාංකිකයන්ටත් එම ගුවන් යානයෙන්ම ඉතාලිය බලා යාමට අවස්ථාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් වනවා නම් මේ මොහොතේ අතිශය වැදගත් බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන්, ඉතාලියේ රෝම තානාපති කාර්යාලය, මිලානෝ කොන්සියුලර් කාර්යාලය මගින්, ඕමානයේ රැඳී සිටින Residence Permit හිමි ශ්‍රී ලාංකිකයන් ඉතාලි පුරවැසියන් සමඟ ඉතාලියට ගෙන ඒම පිළිබඳව, ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එම අවස්ථාව උදා කරගත හැකි බව මෙම පිරිස් පෙන්වා දෙයි.

