ඊයේ (02) වරාය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මැදපෙරදිග තත්වය හේතුවෙන් එම කලාපයේ ගුවන් ගමනාන්ත හැර අනෙක් සියලු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
එංගලන්තය, ඇමරිකාව වැනි රටවලට යන ගුවන් ගමන් මැදපෙරදිග Transit හරහා ගමන් කළ අතර, එම ගමන් තුර්කිය හරහා ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡා සිදු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවා.
දැනට ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නැව් වලට බාධා ඇති වී නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

