කටුනායකින් ඩුබායි බලා පළමු ගුවන් යානය පිටත්වෙයි

Published in පුවත්
Tuesday, 03 March 2026 20:57

මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ, Fits Air ගුවන් සේවයට අයත් 8D 821 ගුවන් යානය අද පස්වරු 01.20 ට කටුනායක ගුවකන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවය.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් ගෙන සිටි බව වාර්තා වේ.

මේ අතර Air Arabia ගුවන් සේවයට අයත් G-9509 දරණ ගුවන් යානය අද සවස 04.45ට කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා නුවර බලා බලා පිටත්ව ගොස් තිබේ.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 44 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් ගෙන ඇති බව වාර්තා වෙයි.

සීමිත කාලසීමවක් සඳහා මැදපෙරදිග ගුවන් කළාපය විවෘත වන අතර එම කාලසීමාවේදී මෙලෙස ගුවන් යානා මැදපෙරදිග වෙත පියාසර කරන බව වාර්තා වෙයි.

කටුනායක ගුවන් සේවා ආරංචි මාර්ග අනුව, ඉදිරි දින වලදී මැදපෙරදිග කළාපයේ අනෙකුත් ගුවන් ගමන්ද ක්‍රියාත්මක වීමේ ප්‍රවනතාවයක් පවතින බව සඳහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us