පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු අද සිට 5%කින් ඉහළට

Published in පුවත්
Tuesday, 10 March 2026 11:58

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුව ද රටේ පැවති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බවය.

නමුත් මෙවර රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනෙක් සංගම් සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවද සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බවද ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා,

''නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්.. අප ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5% කින් ගාස්තු වැඩි කිරීමට.. ඒ අනුව පාසල් දරුවෙකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500කින් ගාස්තුව වැඩි වෙනවා... රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ යෑම ‍ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපිට දැඩි ලෙස දැනෙනවා... අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණය ගන්න සිද්ධ වුණා.. අනෙකුත් සංගම් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ තීරණය ගත්තේ''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us