ඉන්ධන පරිභෝජනය වැඩි වූ නිසා ඉන්ධන මිල වැඩි කරන්න වුණා - ඇමති නලින්ද

Published in පුවත්
Tuesday, 10 March 2026 15:44

මෙරට ඉන්ධන සංචිත තොග පවතින බව රජයෙන් පැවසුවත් හදිසියේ මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීම සම්බන්ධව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු අනාවරණය කිරීමක් සිදුකළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරට ඉන්ධන පරිභෝජනය ඉහළට මට්ටමක පැවැති බවත් ඒ හේතුවෙන් සංචිත යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිදුවු බවත් ඒ අනුව නව ඇනවුම් කරන ලද තෙල් නැව් දිවයිනට පැමිණියේ නව මිලකට බැවින් මෙම මිල වැඩි කිරීමට සිදුවූ බවය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස ,

"දැන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම දළ වශයෙන් 37.76%ක් වෙනවා. පිරිපහදු තෙල්වල වැඩිවීම ඔටෝ ඩීසල් 99.99ක්%, සුපර් ඩීසල් 99.6%ක්, 92 ප්‍රෙට්‍රල් 75%ක් 95 පෙට්‍රල් වැඩිවීම 79%දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. එකක් තමයි ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු තෙල් වැඩිවීම සැලකිල්ලට ගත්තා. ඒකට හේතුව වෙන්නේ අපි ගාව සංචිත තිබුණා. අපි ඇණවුම් කළ තොග ලැබෙමින් පවතිනවා. ඇනවුම් කිරීමේදි මිල තීන්දු වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට පෙර සහ දවස් 3කට පෙරත් තිබෙන ඇවරේජ් මිලත් එක්ක.

මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල වැඩිවීම තුළ අපි වැඩි නොකළානම් පුද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. අපිට එතකොට තෙල් සැපයුමේ බාධාවක් තියෙනවා. අනික තෙල් පරිභෝජනය පසුගිය දවස්වල තිබුණ වැඩිවීම. සාමාන්‍යයෙන් අපිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් තමයි පරිභෝජනය තිබුණේ. පෙට්‍රල් ඊටත් වඩා අඩුවෙන්. මාර්තු 1-9දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200, පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500 ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ ඩීසල් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තියෙනවා පසුගිය දවස් කිහිපය ඇතුළත.

මේ පරිභෝජනය තුළින් ඇතිවුණ දේ තමයි අපේ සංචිත තුළ තිබුණ තෙල් සම්පූර්ණ වශයෙන්ම අවසන් වුණා, අලුතින් තෙල් ගේන්න සිද්ධ වුණා තෙල් ගේනකොට ඒ නැව් ආවේ වැඩි මිලට. මේ කාරණා මත මිල වැඩි කරන්න සිද්ධ වුණා. වැඩි කළ යුතු මිල වැඩියි විශාල මිල වැඩි කිරීමක් එකවර කරන්න අපේ ආර්ථිකයට දරාගන්න බැරි නිසා මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන්න් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනයත් යම් ප්‍රමාණයකට සීමා කිරීමට ජනතාව මේ අවස්ථාවේ කටයුතු කරයි කියලා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us