රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග

Published in පුවත්
Wednesday, 11 March 2026 11:02

මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ.

ඒ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ් යන සමාගම් විසින් නිවේදනයක් නිකුත් කරමිනි.

විදුලිබල සැපයුමට අදාළ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක එම සැපයුම් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි ඔවුන් විදුලි සේවකයින්ට දැනුම්දෙයි.

එසේ සිය රාජකාරී ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් වන අතර, ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් වහාම විදුලිබල සැපයුම් සේවාව තුළ පැවරී ඇති රාජකාරී ඉටු කරන ලෙස එම සමාගම් සිය නිවේදන මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

සේවකයින් සියලු දෙනා වෙත පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදී එය ලබාදීමට පියවර ගන්නා බවද අදාළ නිවේදනයන් හි සඳහන් ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us