ආබාධිත පුද්ගලයන් සදහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට

Published in පුවත්
Thursday, 12 March 2026 13:01

ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලැසුම් කර තිබේ.

ඒ, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීමේ අරමුණින්ය.

‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන රජයේ දැක්ම යථාර්ථයක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 430.7ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබීමත් විශේෂත්වයකි.

පොදු ප්‍රවාහන පද්ධතිය තුළ පවතින භෞතික බාධක ඉවත් කර, ආබාධ සහිත තැනැත්තන්ට ස්වාධීනව සහ සුරක්ෂිතව සමාජගතවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි මූලික අරමුණ වේ.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ බස් රථ 10ක් පසුගිය 10 වෙනිදා හම්බන්තොට වරාය වෙත ගෙන එනු ලැබීය.

මෙම බස් රථ ලබන සෙනසුරාදා කොළඹට රැගෙන ඒමෙන් පසු මෙට්‍රෝ සමාගම වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.

ආසන 33කින් සමන්විත මෙම එක් බස් රථයක මගීන් 80 දෙනෙකුට එකවර ගමන් කළ හැකි අතර, රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විශේෂිත තාක්ෂණික අංගවලින් ද මේවා සමන්විතය.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට‌ නියමිතව ඇත.

ඒ අනුව මාකුඹුර සිට පිටකොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් පෙරවරු සහ පස්වරු කාල සීමාවන්හිදී සෑම විනාඩි 40කට වරක් මෙම බස් රථ ධාවනය කෙරේ.

විශේෂයෙන් මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන සෘජුවම ආවරණය වන පරිදි ධාවන කටයුතු සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම බස් රථ සේවාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් සහ කොන්දොස්තවරුන් 28 දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

සමාජ සේවා අමාත්‍යාංශය මගින් ලබා දෙන මෙම පුහුණුවට බස් රථ තාක්ෂණය සහ මගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම සහ මගී සත්කාර, ආබාධ සහිත මගීන් සමඟ සන්නිවේදනය සඳහා වන සංඥා භාෂාව පිළිබඳ පුහුණුව ඇතුළත් වනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, ලබන අගෝස්තු මාසයේදී තවත් බස් රථ 100ක් මෙරටට ගෙන්වා ආබාධ සහිත තැනැත්තන් සහ සාමාන්‍ය මගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යෙදවීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම මීට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් බස් නැවතුම්පොළවල්ද
ආබාධ සහිත තැනැත්තන්ට හිතකර ප්‍රවේශ ප්‍රමිතිය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us