විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මහපොළ දීමනාවට අමතරව රු.5000 ක දීමනාවක්

Published in පුවත්
Friday, 13 March 2026 09:46

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල සිසුන්ට මහපොළ දීමනාවට අමතරව රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම දීමනාව ලබා ගත හැකි වන්නේ වසරකට රුපියල් ලක්ෂ පහකට වඩා අඩු ආදායමක් ලබන පවුල්වල සිසුන්ට ය.

මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ගෙවීමේ දී අනුගමනය කරන අනෙකුත් කොන්දේසි මෙම දීමනාව වෙනුවෙන් ද අනුගමනය කෙරෙන බව කොමිෂන් සභාව චක්‍රලේඛයක් මගින් උපකුලපතිවරුන්ට දැනුම් දී ඇත. විශ්වවිද්‍යාලවල පවතින මුදල්වලින් මෙම දීමනාව ලබාදෙන ලෙසත් එම මුදල මාසිකව පියවන බවත් එහි සඳහන් වෙයි.

මෙම වසරේ ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා අයැදුම් කරන සිසුන් අනිවාර්යයෙන් ම අභ්‍යන්තර සිසුන් විය යුතු ය.

තවද මහපොළ දීමනාව රුපියල් දසදහස දක්වා ද ශිෂ්‍යාධාර දීමනාව රුපියල් නවදහස දක්වා ද මේ වන විට වැඩිකර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us