යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයට සියයට අටක පමණ බලපෑමක් පවතින බවද ඔහු පැවසීය. මෙරට සමස්ත අපනයනවලින් 6% ත්, 8% ත් අතර ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ මැද පෙරදිග රටවල්වලට බවද ඔහු කියා සිටියේය. ඉකුත් 2025 වසරේදී මැද පෙරදිග රටවලට මෙරටින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1084 ක අපනයනයන් කර ඇත. ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 562 කම අපනයනය කර ඇත්තේ ඇඟලුම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාරපාන වර්ග, කුළුබඩු හා අනෙකුත් අපනයනයන් වේ.
මැද පෙරදිග රටවල්වලින් ලැබෙන සමස්ත අපනයන ආදායමින් සියයට 31 ක් ඩුබායි නියෝජනය කරන්නේය. ඊට හේතුව ඩුබායි බෙදාහැරීම් කේන්ද්‍රස්ථානයක් වීමය. ඉරාකයට 18% ක්ද, සෞදි අරාබියට 12% ක්ද අපනයන කෙරෙන බව සභාපතිවරයා කියා සිටියේය.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැද පෙරදිග ගුවන් ගමන් අතුරින් 25% ක් පමණ ආරම්භ කර තිබෙන බැවින් පලතුරු, මාළු වර්ග ආදිය යම් ප්‍රමාණයක් එම කලාපයට අපනයනය කරන බවද ඔහු පැවසුවේය.
මෙරටින් මැද පෙරදිග කලාපයට අපනයනය කරන භාණ්ඩ යුරෝපය ඇතුළු රටවලට අපනයනය කිරීම පිළිබඳ මේ වන විට අවධානය යොමුකර ඇතැයිද ඔහු කීවේය.

