උදය ගම්මන්පිලට එරෙහි නඩුව මාර්තු 27 දක්වා කල් යයි

Published in පුවත්
Tuesday, 17 March 2026 14:12

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස්කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු 27 යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය නඩුව යළි මාර්තු මස 27වනදා කැඳවන ලෙස නියෝග කළාය.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us