ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයත් සමඟ බොරතෙල් මිල ඇ .ඩො.110 පනී

Published in පුවත්
Thursday, 19 March 2026 07:50

ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිතව පිහිටි ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය අඟහරුවාදා පැවති මිලට වඩා 5% කට වඩා වැඩි වෙමින් ඩොලර් 109.91 ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉන් සුළු වේලාවකට පසු මිල ගණන් සුළු වශයෙන් පහත වැටී ඇත.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ස්වභාවික වායු මිලද 6% කින් ඉහළ ගොස් තිබේ.

ඉරානයේ සවුත් පාර්ස් වායු නිධියට අයත් පෙට්‍රොකෙමිකල් සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වීමත් සමඟ මෙම මිල ඉහළ යාම ආරම්භ විය.

මින් පැය කිහිපයකට පසු, ඉරානයෙන් එල්ල වූ තර්ජන හමුවේ කටාර්හි රාස් ලෆාන් කාර්මික කලාපයටද දැඩි හානි සිදුව ඇති බව වාර්තා විය.

කෙසෛ් වෙතත් බොරතෙල් සහ ගෑස් මිල මෙලෙස හදිසියේ ඉහළ ගියද, ඒවා මෙම ගැටුම්කාරී සමය තුළ වාර්තා වූ උපරිම මිල ගණන්වලට වඩා තවමත් අඩු මට්ටමක පවතී.

මීට පෙර මාර්තු 9 වෙනිදා බොරතෙල් මිල ඩොලර් 116.78 ක් ලෙස වාර්තා කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us