මෙහිදී වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නායකයන් දෙපළ සාකච්ඡා කර ඇති අතර, කටාර් රාජ්‍යය මුහුණ දී සිටින අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ජනාධිපතිවරයා එමීර්වරයා වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම සාකච්ඡාවේදී කටාර් එමීර්වරයා විසින් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කර ඇත.
එනම් කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහ පදිංචිකරුවන්ගේ සුභසාධනය හා ආරක්ෂාව පිළිබඳව එමීර්වරයා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.
එමෙන්ම පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවට ස්ථාවර ලෙස ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

