උත්සව සමයට අද සිට අඩු මිලට බඩු සතොසෙන්

Published in පුවත්
Friday, 20 March 2026 14:24

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් අද (20) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා.

“සතොසින් පිරි අවුරුදු සිරි” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 600කට 40% දක්වා වට්ටම් පිරිනැමෙන අතර රුපියල් 2500ට වැඩි සෑම මිළදී ගැනීමක් සඳහාම අගනා ත්‍යාග පිරිනමන කූපන් පතක් හිමි වනවා.

එම කූපන් පත් අතරින් ප්‍රවර්ධන වැඩසටහන අවසන් වන අප්‍රේල් මාසය අවසානයේ දී දිනුම් ඇදීමක් මගින් තෝරා ගන්නා ජයග්‍රාහකයන්ට BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, Electric Scooter යතුරුපැදි, ගෘහ භාණ්ඩ කට්ටල, Smart ජංගම දුරකථන ඇතුළු ත්‍යාග පිරිනමනු ලබනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීම් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන අතර ඉදිරියේදී තව තවත් මිල අඩුකිරීම් සිදුකිරීමට ලංකා සතොස ආයතනය සැලසුම් කර තිබෙනවා.

මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේදී අද (20)මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවට ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ මෙම ප්‍රවර්ධන වැඩසටහන සමග අත්වැල් බැඳගන්නා සැපයුම්කරුවන් ද එක්වුණා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us