කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස්වීම හේතුවෙන් අද (21) දිනයේ රාමසාන් උත්සවය සමරන බවයි.
මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරනු ලබයි.
රාමසාන් යනු ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයක්.
මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලබනවා.
රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගන්නේ නැත.
රාමසාන් සෑමවිටම මාස 12 ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසයට අයත් වෙයි .
රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබා දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුණා.
ඒ අනුව පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු මස 21 දක්වා යාඥා සහ ආගමික කටයුතු සඳහා චක්‍රලේකයේ සඳහන් පරිදි අවස්ථාව ලබා දෙන ලෙසයි සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණේ.

