අධික උණුසුම් කාලගුණය නිසා දරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න

Published in පුවත්
Monday, 23 March 2026 08:13

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටී.

එමෙන්ම යම් දරුවෙකු නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ට වැඩිපුර ජලය පානය කිරීමට සහ දියර ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසද වෛද්‍යවරයා අවධාරණය කර ඇත.

මෙම උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින නිසා දරුවන් දිනකට දෙවතාවක්වත් ස්නානය කරවීමට කටයුතු කරන ලෙසද මෙහිදී ඔහු දන්වා සිටී.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගීවන අය ජලය පානය නොකිරීම හේතුවෙන් විජලන තත්ත්වය මෙන්ම තාප කම්පන තත්ත්වයක් වුවද ඇතිවිය හැකි බවය.

එමඟින් මරණය පවා සිදුවිය හැකි බැවින් වඩාත් සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා සඳහන් කර සිටී.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.

''අව්වේ ඉන්නවා නම් පාසල්වල ක්‍රීඩා තරගවලට සහභාගී වෙනවා නම් මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.. ඒ හින්දා වැඩිපුර වතුර බොන්න ඕනේ.. ස්වාභාවික දියර ආහාර වර්ග පාවිච්චි කරන්න ඕනේ.. නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත රිදෙන එක වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම වැඩිපුර වතුර සහ දියර ආහාර ලබා දෙන්න.. දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද මේ දවස්වල වැඩිවෙන්න පුලුවන්.. ඒ නිසා දරුවන් දවසට දෙපාරක් විතර නාවන්න.. විනාඩි 20ක් වගේ බය නැතිව වතුරේ තියන්න. ඒකෙන් සමේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුලුවන්.

ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගී වෙන අය වැඩිපුර වතුර බිව්වේ නැත්තම් විජලන තත්ත්වය වගේම තාප කම්පන තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුලුවන්. තාප කම්පන තත්ත්වයන්වලදී හෘදයට වගේම මොළයට බලපෑම් ඇති වෙන්න පුලුවන්. වලිප්පුව, ක්ලාන්තය ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම මරණය පවා ඇති සිදු විය හැකියි.'

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us