ඔහු මේ බව සඳහන් කර තිබුණේ 'Truth Social' සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ,
"පසුගිය දින දෙක පුරා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම පිළිබඳව ඉතා යහපත් හා ඵලදායී සාකච්ඡා පැවැත්වුණු බව මම සතුටින් දන්වා සිටිමි.
මෙම සතිය පුරා අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡාවල ස්වභාවය අනුව, ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කිරීමට නියමිතව තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් තබන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට (Department of War) උපදෙස් දුන්නෙමි. මෙම තීරණය දැනට පවතින රැස්වීම් සහ සාකච්ඡාවල සාර්ථකත්වය මත රඳා පවතී. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්."
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දී තිබූ 48ක අවසාන නිවේදනය අවසන් වීමට මොහොතකට පෙර මෙම තීරණය ගැනීම නිසා කලාපයේ ඇතිවීමට ගිය මහා විනාශයක් තාවකාලිකව වැළකී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙපාර්ශවයම ගැටුමකට වඩා සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට උනන්දුවක් දක්වන බව මෙයින් පැහැදිලි වේ.
මෙම දින පහක සහන කාලය තුළ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බැවින්, මුළු ලෝකයේම අවධානය දැන් මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දෙසට යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර අද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනු, බ්‍රෙන්ට් බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටී බැරලයක් ඩොලර් 99 ට වඩා අඩු අගයකට පැමිණ ඇති බව සඳහන් වේ.
අද උදෑසන එහි මිල ඩොලර් 114 ක් ලෙස සටහන්ව තිබුණි.
එසේම අමෙරිකානු WTI තෙල් මිල ද 8% කින් පහත වැටී බැරලයක් ඩොලර් 90 දක්වා අඩු වී ඇති බව පැවසේ.

