වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

Published in පුවත්
Wednesday, 25 March 2026 20:05

වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, හැකි සෑම අවස්ථාවකදීම ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසටය.

පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන බවය.

"වියළි කාලගුණය සමඟ පාරිභෝගිකයාගේ පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ජල පිරිපහදු මධ්‍යස්ථානවලට හැකියාව තියෙන්නේ යම් සීමාසහිත මට්ටමකට ජලය සපයන්න. අඹතලේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ඝන මීටර් 560,000 දිනකට. එමෙන්ම ලඹුගම 150,000 දිනකට ඒක සීමා සහිතයි. ඊට වඩා නිපදවීමේ හැකියාවක් අපට නෑ. අපි උපරිම ධාරිතාවෙන් ජල නිෂ්පාදනය කරනවා බෙදාහැරීම් කරනවා ලංකාව පුරාම. ජනතාවගෙන් ඉල්ලන්නේ තවදුරටත් මෙම නියං කාලය වර්ධනය වුවහොත් ජල සම්පාදනය කිරීමේ යම් අපහසුතාවයක් තියෙන්න පුළුවන් දිනෙන් දින ඉහළ යන ඉල්ලුමත් එක්ක. "

"ජල පරිභෝජනය ඉතාමත්ම අරපරිස්සම් ඇතිව සිදුකරන්න. සීමා කරන්න කියන්නේ නෑ. පරිභෝජනයේ දී සහ නිවෙස්වල පරිහරණය කරද්දි යම් අරපිරිමැස්මක් ඇතිව කටයුතු කරන්න කියලා ඉල්ලන්නේ. ජලය අපතේ යන තැන් අවම කර ගන්න. එහෙම නැති වුනොත් යම් ප්‍රදේශවල උස්තැන්වලට සහ ඇතම් ජල නල වල අවසාන තැන්වලට පීඩනය අඩු වෙන්න පුළුවන්. අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන්න වෙන්න පුළුවන්. ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් යනවා. නියන් කාලේ ආවොත් ජලය ලබාදීම සීමා කරන්න වෙනවා."

මේ අතර සෑම ගඟකටම මෝයකට ඔස්සේ ලවන ජලය මිශ්‍රවීම ඉහළ ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

වැලිගොඩ දැමීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙයට ප්‍රධානතම හේතුව බව ඒ මහතා පවසයි.

ගඟට ලවන ජලය මිශ්‍රවීම වැළැක්වීම සඳහා සෑම ගඟකටම ලවන බාධක ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මේ වන විට කැලණි ගඟේ ලවන බාධකයක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

"සෑම ගඟක්ම මෝයකට ඔස්සේ මුහුදට වැටෙන ස්ථානයේදී ලවන ජලයත් සමඟ මිශ්‍ර වෙනවා. නමුත් දැන් ඒක වැඩිවෙලා ඒක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. එ් වැලි ගොඩ දැමීම වැනි මිනිස් ක්‍රියාකාරකම් එක්ක ඒ තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඒකට උෂ්ණත්වය සහ ගෝලිය උෂ්ණත්වයත් ඒ හේතු වෙනවා. අපි ලවන බාධක ඇති කරනවා. මේ වන විට කැලණි ගඟ ආශ්‍රිතවද ලවන බාධකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් යනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us