ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය 1%ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා වැඩි වී ඇති අතර එය ද 1.10%ක වැඩිවීමක් වේ.
මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.4ක් ලෙස දැක්වෙයි.
ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව 14.52%ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීම දින 5ක කාලයක් සඳහා තාවකාලිකව නැවැත්වීමට තීරණය කිරීමත් සමඟ බොරතෙල් මිල ගණන් පහත වැටුණු නමුත් මේ වනවිට මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් යළි බොරතෙල් මිල ඉහළ යමින් පවතී.

