හෙට තවත් උණුසුම දැඩි වෙයි

Published in පුවත්
Monday, 30 March 2026 19:48

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුර-මැද පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන්හි හෙට (31) මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (30) ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.

නමුත් මෙය උපරිය වායුගෝලීය තත්ත්වයක් නොවන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

වැඩබිම් තුළ ක්‍රියාකරන විට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගන්නා ලෙසද සෙවණ ඇති ස්ථානයන්හි විවේක ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් කර තිබේ.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසද විශේෂයෙන් කුඩා ළමුන් වාහන තුළ තනියම රැඳවීමෙන් වළකින ලෙසද නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර, අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසද සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුර පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us