ගොවි ජනතාවට අඛණ්ඩව පොහොර සැපයීම රජයේ ප්‍රමුඛ අරමුණක් - ජනපති

Published in පුවත්
Thursday, 02 April 2026 18:50

මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ගොවි ජනතාවට අඛණ්ඩව පොහොර සැපයීම තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පවතින පොහොර සංචිත බෙදා හැරීමේ යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට සහ පොහොර ආනයනය සඳහා පවතින බාධා සැලකිල්ලට ගනිමින් ඒ පිළිබද ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඊට අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

මේ වන විට පවතින පොහොර සංචිත සහ බෙදා හැරීමේ යාන්ත්‍රණය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් ගොවි ජනතාවට පොහොර බෙදා හැරීමේ කටයුතු නිසි කළමනාකරණයකින් යුතුව සිදු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

‍මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් පොහොර සඟවා ගැනීම සහ වැඩි මිලට පොහොර අලෙවි කිරීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එලෙස සඟවා ගෙන තිබී සොයා ගත් පොහොර තොග ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

පවතින තත්ත්වය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ආරක්ෂිත සංචිත ලෙස පොහොර තොග පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් නිලධාරීහූ සඳහන් කළහ.

යුදමය තත්ත්වයන් නොමැති රටවල් සමඟ සාකච්ඡා කර විකල්ප ක්‍රමවේද ඔස්සේ පොහොර ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us