GMOA වර්ජනය අතිශය අමානුෂිකයි – ඇමති නලින්ද

Published in පුවත්
Thursday, 02 April 2026 20:10

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු බිල්ලට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන ක්‍රියාව අතිශය අමානුෂික බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ.

ලෝක ගැටුම්වලින් අපට එල්ල වන බලපෑම රජය සාර්ථකව කළමනාකරණය කරද්දි රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක වැඩවර්ජන සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ පිලිකුල් සහගත අදහසක් බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අගහරුවා දිනයේ ද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා.

ඒ අනුව ඔවුන් අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 48ක වර්ජනයක් යළි ක්‍රියාත්මක කරනවා.

මේ වර්ජනය හේතුවෙන් ඇතැම් රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වුව ද ඇතැම් රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

පානදුර මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

ඇතැම් රෝගීන් වර්ජකයන්ට දැඩි විරෝධයක් දක්වනවා.

වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක වුව ද හිගුරක්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

එම රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනය පසෙක දමා අසරණ රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙනවා.

හිගුරක්ගොඩ රෝහලේ බාහිර රෝගී අංශය හා සායනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us