කොළඹ ප්‍රදේශ රැසකට අදත් ජල කප්පාදුවක්

Published in පුවත්
Friday, 03 April 2026 08:36

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් මේ වන විට ක්‍රියාත්මක වේ.

එමෙන්ම හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

තවද පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (4) රාත්‍රී 8 සිට පසුදින (අප්‍රේල් 5) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ නමුත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 7 වනදා, හෝමාගමට අප්‍රේල් 8 වනදා සහ පැලැන්වත්තට අප්‍රේල් 9 වනදා යළිත් ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us