යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු හිඟයක්

Published in පුවත්
Friday, 03 April 2026 08:50

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොණ්ඩම්) නිෂ්පාදනයට අවශ්‍ය සිලිකන් ඔයිල් (Silicone Oil) සහ කොණ්ඩම් ඉරීයාම වැළැක්වීමට යොදා ගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous Ammonia) යන අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කොණ්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

මේ අතර මැදපෙරදිග කලාපය ඔස්සේ සිලිකන් ඔයිල් සහ ඇන්හයිඩ්‍රස් ඇමෝනියා ප්‍රවාහනය නතර වීම නිසා ඉන්දියාවේ කොණ්ඩම් නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස කඩා වැටීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වසරකට ඉන්දියාව රුපියල් කෝටි 8000 ක් පමණ වටිනා කොණ්ඩම් කෝටි 400 ක් පමණ නිපදවන බව සඳහන්ය.

මේ අතර ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට අසූවකට වඩා ඉන්දියාවෙන් ආනයනය කරන අතර කොණ්ඩම්ද මෙරටට වැඩි වශයෙන් ගෙන්වන්නේ ඉන්දියාවෙනි. තවද කොණ්ඩම් නිෂ්පාදනය අඩාළ වීම හේතුවෙන් කොණ්ඩම්වල මිල ගණන් ද ඉහළ යෑමේ අවදානමක් මතුව ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us