අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් Featured

Published in පුවත්
Tuesday, 07 April 2026 07:38

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ලබන 9 වන දින සිට එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ 250ක් පමණ ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය.

ඊට අමතරව මගී අව්‍යශ්‍යතාවය අනුව තවත් බස් රථ ධාවනයේ යෙදවීම සඳහා සූදානම් කර ඇති බව සඳහන්ය.

අප්‍රේල් මස 9 වන දින සිට 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අප්‍රේල් මස 17 වනදා සිට 21 වන දින දක්වා විශේෂ බස්රථ සේවාවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර ජාතික ගමනා ගමන කොමිශන් සභාව ද අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලබන 09 වන දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මගී අවශ්‍යතාවය අනුව ප්‍රමාණවත් පරිදි අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර අප්‍රේල් මස 10 වනදා සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මුහුදුබඩ මාර්ගයේ, උතුරු මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දැනට ධාවනය වන දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us