අනුන්ට අතපා ලැබෙන දෛනික ආදායම් මත රඳා පවතින ඔවුන්ගේ ජීවන අරගලයට නාගරික ජනතාව ද යම් පීඩනයක් එල්ලවීමේ අවදානමක් පවතී.
පවතින ආර්ථික පීඩනය, අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම අනුන්ට අතපා ලැබෙන දෛනික ආදායමින් ජීවත්වන තමන්ගේ පවුල්වල ආර්ථික දරිද්‍රතාවයට සෘජු ලෙස බලපාන බවත් වේල් දෙකක් කෙටි ආහාරවලින් සහ එක් වේලක් බත්, පාන් වැනි ආහාරවලින් යැපෙන්නන් උග්‍ර ආහාර හිඟයෙන් පීඩාවට පත්වනු ඇති බව කළ විමසීමේදී යාචකයන් කීප දෙනකු පැවැසීය.
ව්‍යාපාරිකයන් ඇතුළු කණ්ඩායම් හෝ පුද්ගලයන් විසින් පින්තකා දානය ලෙස ලබාදෙන ආහාර ප්‍රමාණය පහළ ගොස් ඇති බවත් බොහෝ යාචකයන් දිවා කාලයේදී පූජනීය ස්ථාන සහ විවිධ පින්කම් පැවැත්වෙන ස්ථානවල රැඳී ආහාර වේලක් ලබා ගැනීමට දැඩි ප්‍රයත්න දරන බව ඔවුන් සඳහන් කළේය.
මෙරට යාචකයන් පිළිබඳව නිශ්චිත සහ විද්‍යාත්මක යාවත්කාලීන තොරතුරු පද්ධතියක් විෂය භාර අමාත්‍යාංශ යටතේ නොමැති අතර විවිධ ආයතන සහ ස්වෙච්ජා සංවිධානවල ඇස්තමේන්තුවලට අනුව යාචක සංඛ්‍යාව 40000-60000ක් සිටිති. ඔවුන්ගෙන් වැඩිම පිරිස කොළඹ, ගම්පහ, ගාල්ල, කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ජීවත්වෙයි.
සියයට 40ක් නාගරික ප්‍රදේශවල ද සියයට 60ක් ග්‍රාමීය, අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වෙයි. එම සංඛ්‍යාවෙන් සියයට 10-15ක් ළමා යාචකයන් වේ. යළිත් වරක් ආහාර මිල ඉහළ දැමීම, ආර්ථික දරිද්‍රතාවයෙන් පින් තකා දන්දෙන කණ්ඩායම් ඉන් ඉවත්වීම නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය යාචකයන්ගේ ජීවත්වීමේ අයිතියට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
-අරුණ

