ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අනුර සොලමන්ස් අභාවප්‍රාප්ත වෙයි   Featured

Published in පුවත්
Friday, 10 April 2026 15:04

දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු ප්‍රධාන කර්තෘ අනුර සොලමන්ස් අද (10) දහවල් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 66 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙක්.

හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ ඔහු, පසුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.

කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉගෙනුම ලැබූ ඔහු, පසුව ආධුනික මාධ්‍යවේදියෙකු ලෙස මල්ටිපැක්ස් ආයතනය ප්‍රකාශයට පත් කළ 'ඉරිදා' පුවත්පතේ කර්තෘ මණ්ඩලය සඳහා එක්ව තිබෙනවා.

පසුව දිවයින කර්තෘ මණ්ඩලයට එක්වූ ඔහු, දිවයින පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ සහ විදේශ පුවත් කර්තෘ වැනි තනතුරු දරා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූවා.

ප්‍රකට විශේෂාංග ලේඛකයෙකු වූ ඔහු, නූතන පුවත්පත් කතුවැකිය සඳහා විශිෂ්ට ආරක් නිර්මාණය කරමින් දශක දෙකකට වැඩි කාලයක් දිවයින පුවත්පතේ කතුවැකිය රචනා කළා.

ජනමාධ්‍ය කලාව පිළිබඳව විදේශ රටවල් ගණනාවක පුහුණුව ලද ඔහු, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිරිනමන ආරාධිත අමුත්තන්ගේ නායකත්ව ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අමෙරිකාවේ ප්‍රාන්ත පහකදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් ද හදාරා තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය උපදේශකයෙකු ලෙස ද සේවය කළ ඔහු 'ලෝක විනාශයේ ඇත්ත කතාව' නම් ග්‍රන්ථයේ කතුවරයායි.

ඉසුරු සහ යසෝදරා යන දරු දෙදෙනාගේ පියා වූ ඔහු, විවාහ වී සිටියේ ප්‍රවීණ මාධ්‍යවේදිනී නිශානි දිසානායක සමගයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

hiru


Last modified on Friday, 10 April 2026 15:06

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us