ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට අදත් බස්රථ

Published in පුවත්
Monday, 13 April 2026 07:23

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති සංජීව කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට පිට පළාත් වලට ගමන් කරන මගීන්ගේ අඩුවක් ඊයේ පස්වරුව වන විට දක්නට ලැබුණ බවය.

කෙසේ වෙතත් ගත වූ දින කිහිපය තුළ දෛනිකව ධාවනය වන බස්රථ කාලසටහනට අමතරව 1500ක අතිරේක බස්රථ ප්‍රමාණයක් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය කිරීම සදහා සූදානම් කර තිබුණු බවද ඒ මහතා සඳහන් කළේය.

එහෙත් අද දිනයේ මගී අවශ්‍යතාවය පරිදි බස්රථ යෙදවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ නෑගම් බලා යන ජනතාවට ප්‍රාදේශීය ඩිපෝවලින් අවශ්‍යතාවය පරිදි බස්රථ ධාවනය කරන බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනගරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම අද සහ හෙට යන දෙදින තුළ මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීම සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර අද දිනයේ සහ හෙට දිනයේ දුම්රිය ධාවනය ද සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට පිට පළාත්වලට යාම සදහා ඊයේ පස්වරුවේ සිට අඩු මගීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය වූ බැවින් මෙම පියවර ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පොල්ගහවෙල, කොස්ගම, අවිස්සාවේල්ල, පුත්තලම සහ ගාල්ල සිට කොළඹ දක්වා අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන ජනතාව වෙත දුම්රිය යොදවා ඇති අතර කොළඹ සිට යළි එම ප්‍රදේශ දක්වා ද මෙම දුම්රියන් ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us