එහිදී වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මෙහිදී සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් ආහාර අලෙවි කිරීම හා කල්ඉකුත් වූ ආහාර අලෙවි කිරීම ආදී වූ වැරදි යටතේ මෙම වෙළෙඳසැල් සඳහා නීතිමය පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ.
මෙවැනි වැටලීම් වෙසක් සහ පොසොන් උත්සවය මුලික කරගනිමින්ද සිදුකිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

