ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ එන්න මාකුඹුරේන් බස් රථ රැසක්

Published in පුවත්
Friday, 17 April 2026 11:17

අලුත් අවුරුදු හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බස් රථ සේවාව අද සිට ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකරණ සහකාර නිමල් වෙත්තසිංහ මහතා පැවසුවේ අද දිනයේ සිට එළැඹෙන සඳුදා උදෑස දක්වා සහ ඉදිරි කාලය සඳහා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවය.

ගම්බිම් බලා ගිය ජනතාව ප්‍රධාන නගර වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් මගීන් ප්‍රමාණය අනුව කාලසටහන් සංශෝධනය කරමින් අදාළ බස් රථ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් වෙත්තසිංහ මහතා,

"අපි අද දිනයේ සිට මේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා උදේ වරුව සහ මේ දවස් ටිකේම ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹ නගරයට එන්න බස් යොදවා තිබෙනවා. අපි අද සිට බලාපොරොත්තු වෙනවා ගම්බිම් බලා ගිය ජනතාව ප්‍රධාන නගරවලට පැමිණෙයි කියලා. ඒ නිසා අපි පුළුවන් තරම් කාලසටහන් වෙනස් කරලා මගී ජනතාව ඉන්නවානම් අපි මෙම නගරවලින් හැකිතාක් ඉක්මනට බස් පිටත් කර හැරීමට සූදානම් කර තිබෙනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us