මැයි 27 වනදා සිට ජුනි 2 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කෙරෙයි

Published in පුවත්
Wednesday, 22 April 2026 19:46

මැයි 27 වනදා සිට වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එය ජූනි දෙවනදා දක්වා පැවැත්වෙන බවයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ .

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මගපෙන්වීම අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිවයි වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් දිවයින පුරා පැවැත්වීමටයි කටයුතු සංවිධානය වන්නේ.

මෙවර 2570 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර ඊට සමගාමිව සියලු විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කෙරෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us