ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි.
ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751,පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී තිබෙනවා.
2025 වර්ෂයේ පළමු මස 3 තුලදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815 ක්. (බිලියන 1.815)
විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහලයාමට රාජය මුල්‍ය විශ්වාසය හා විනිවිධභාවය හා නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතු වී ඇති බව කාර්යාංශය පවසනවා.
මේ අතර මේ වසරේ ජනවාරී සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙනකු රැකියා සඳහා විදේශ ගත වී තිබෙනවා.

