දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්

Published in පුවත්
Thursday, 23 April 2026 19:56

එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුය.

දන්සැල් පවත්වන ස්ථානය, පවත්වන අයගේ නම, ලිපිනය, දුරකතන අංකය වැනි මූලික තොරතුරු ලියාපදිංචියට ඇතුළත් යුතුවේ.

සෞඛ්‍යාරක්ෂිත දන්සැල් පවත්වාගෙන යාම පිළිබඳව දන්සැල් සංවිධායකයින්ව මනාව දැනුවත් කළ යුතු බව අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් පරීක්ෂා කිරීමේදී, 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකුලව කටයුතු කිරීමට බවට වග බලා ගත යුතුය.

දන්සැල් ආරම්භ කිරීමට පෙර සහ දන්සැල් අවසන් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පරීක්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව සහ පරිසර සෞඛ්‍යයට හානි නොවන බවට වග බලා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ආරම්භයේ සිට අවසානය දක්වා නිසි කසළ කළමනාකරණ වැඩපිළිවෙලක් යොදාගත යුතු වේ.

හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජලය දන්සැලේ ආහාර සකස් කිරීමට සහ පරිභෝජනයට යොදාගැනීමට වග බලා ගන්නා ලෙසත්, එසේ කළ නොහැකි අවස්ථාවලදී ආරක්ෂිත ජල මූලාශ්‍රවලින් ජලය ලබාගැනීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

දන්සැල ආශ්‍රිතව ආහාර අනුභවය සිදු කරන අවස්ථාවලචී අත් සේදීම සඳහා ජල පහසුකම් සහ අත් පිරිසිදුකාරක සපයා ඇති බවට සහතික කළ යුතුය.

දන්සැලේ ආහාර පිළියෙල කිරීම සහ පාරි‌භෝජනයඅතර කාලය පැය 04කට නොවැඩි විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us