A/L විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන්

Published in පුවත්
Friday, 24 April 2026 07:54

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස 24 දින සිට අප්‍රේල් මස 24 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බවය.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු අයදුම්පත් භාර ගැනීම සම්පූර්ණයෙන් වසා දැමෙන අතර එය කිසිදු හේතුවක් මත දීර්ඝ කිරීමක් සිදු නොකරන බවය.

කෙසේවෙතත් අයදුම්කරුවන්ට මේ පිළිබද වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0112 785 922, 0112 784 208,සහ 0112 784 537 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය මගින්ද විභාග අපේක්ෂකයින්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us