පොලිස්පතිවරයාගේ නියෝග සහ පැමිණිලි මත එම විමර්ශනය පවත්වන බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් දන්වා සිටියහ.
ත්‍රස්තවාදය යළි ගොඩනැගීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් සාධාරණීකරණය වන ආකාරයේ ප්‍රකාශ කරමින් රටේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමයට හානිවන අයුරින් කටයුතු කරන තැනැත්තන් සම්බන්ධයෙන් අදාළ විමර්ශනය පවත්වන බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

