පාසල් බස් රථ අනතුරින් ළමුන් 10කගේ තත්වය බරපතළයි

Published in පුවත්
Tuesday, 28 April 2026 11:40

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබිය දී අනතුරට ලක්වූ බස් රථයේ සිට තුවාල ලැබූ සිසුන් දසදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

අද උදෑසන 7.30ට පමණ අනතුර සිදුව තිබුණේ, රාණිකාඩු බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේ දීය.

අනතුරින් දරුවන් 34 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ ජයසූරීය මහතා පැවසීය.

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරීමට රියදුරා බස් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කිරීමට රියදුරු කටයුතු කර තිබුණි.

බරපතළ තත්ත්වයේ පසුවෙන දරුවන් දසදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us