වැඳිරියක් මැරුණු පැටියට පණ ගන්න දින 5ක් පුරා සටනේ.

Published in පුවත්
Friday, 04 July 2014 11:06

සිය මළ දරුවාට පණ ලබා ගැනීමට දින පහක් තිස්සේ ගසින් ගසට පැන යමින් වැලපෙමින් වේදනාවට පත් වූ වැඳිරියක පිළිබඳ අනුවේදනීය පුවතක් පොළොන්නරු පූජා භූමියෙන් වාර්තා වී තිබේ.

හදිසි අනතුරකින් තුවාල ලැබූ බව කියන මේ පැටියා මිය ගිය බව පිළිගන්නට වඳුරු අම්මා තවමත් සූදානම් නැත. ඇය මෙසේ මළ දරු පැටියා පපුවට තුරුලු කර ගනිමින් ගසින් ගසට පැන යන දර්ශනය හද කම්පා කරවන සුලුය.

විදේශගත වී සිටි සිය බිරිය අනියම් සබඳතාවක් ඇති බව දැන්වීම නිසා නිදි යහනේදීම දරුවන් දෙදෙනාගේ ගෙල සිර කර මරා දැමූ තාත්තකු පිළිබඳ පුවත වාර්තා වූයේ පෙරේදා දිනයේය. නිවෙසේ තිබූ රුපියල් 200ක මුදලක් සොරකම් කළා යැයි උරණ වූ මවක් සත් හැවිරිදි දරුවාගේ අත ගිනියම් අඟුරු මත තබා පිලිස්සූ පුවත වාර්තා වූයේ 29 වැනිදාය.

මනුස්සකම ඇතැයි කියන මිනිසුන් අතර දිනෙන් දින මෙවන් පුවත් නිර්මාණය වෙද්දී තිරිසන් සතෙකු වුව කිසා ගෝතමිය මෙන් තම දරුවාට පණ ලබාදීමට උත්සාහ කරන මේ වඳුරු අම්මා නැවත නැවතත් මනුෂ්‍යත්වය ප්‍රශ්න කරන්නීය.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us