කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා අද(03) මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්ට විය.
මේ අතර මෙම මස අග භාගයේදී අකුණු සහිත වළාකුළු නිර්මාණය විමේ ප්‍රවණතාවය අඩු විය හැකි බවද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ අතුල කරුණාරත්න මහතා,
"වලාකුළු ඇසුරෙන් තමයි මේ කාල පරිච්ඡේදය තුළ අකුණු සහිත වර්ෂාවන් ඇති වෙන්නේ. ප්‍රභල අකුණු මේ කාල පර්ච්ඡේදය තුළ ඇති වීමේ හැකියාවක් තියෙනවා. නිරන්තරයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට මතක් කරනවා. මේ අකුණු සහිත වර්ෂාව තියෙන වෙලාවේ විද්‍යුත් උපාංග ආරක්ෂාකර ගන්න නම් වැස්ස පවතින වෙලාවේදී විද්‍යුත් උපාංග ගලවා ඉවත් කර තැබීම තමා වඩාත්ම සුදුසු. අකුණු අනතුරු බහුලව ඇති වීම් වලින් වළක්වගන්න නම් විශේෂයෙන්ම වැස්ස පවතින වෙලාවේ තැනිතලා බිම්වල ගැවසෙන්න එපා. වෙල්යායවල්වල, විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින්න. උසගස් යට යන්න එපා. සමහරක් වෙලාවට කොන්ක්‍රීට් සහිත ස්ලැබ් හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේ හැකියාවන් තියෙනවා. හැබැයි නිවැරදි ලෙස ඒවා පොළොවට භූ ගත වී ඇතිනම් ප්‍රශ්නයක් නෑ".
"ඊළඟට එළැඹෙන්නේ නිරිතදිග මෝසම් කාල පර්ච්ඡේදය. එය සාමාන්‍යයෙන් මැයි මාසේ 25න් පස්සේ තමා ඇතිවෙන්නේ බොහෝ විට. එතකොට ඒ නිරිතදිග මෝසම් කාල පර්ච්ඡේදයේදී දිවයින හරහා නිශ්චිත දිශාවට සුළං හමනවා. එතකොට අකුණු සහිත වළාකුළු නිර්මාණය විමේ ප්‍රවණතාවය අඩු වෙන්න පුළුවන්. සාපේක්ෂව අන්තර් මෝසම් කාලයේ තමා අකුණූ සහිත වැසි වැඩියෙන් නිර්මාණය වෙනනේ. නිරිත දිග මෝසමේත් අඩු භාවයක් තියෙනවා. කෙසේ නමුත් නිරිතදිග මෝසම පටන් ගත්තට පස්සේ අකුණූවලින් සිදුවන හානි ටිකටික අඩුවීමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. ඊට අමතරව අධික උණුසුම් කාලගුණයක තත්ත්වය පහව යාමේ හැකියාවක් තියෙනවා"

