දන්සැල් ලියාපදිංචිය අද සිට

Published in පුවත්
Monday, 04 May 2026 09:16

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (04) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

දන්සැල් පැවැත්වීම සඳහා අදාළ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් නිකුත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගන්නා ලෙසද සංවිධායකයන්ට දැනුම් දී තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us