ඊයේ (07වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ මේ වනවිට තැලසීමියා රෝගින් දෙදහස්පන්සිය (2500)ක් මෙරට සිටින බවය.
සම්පුර්ණ රුධිර පරික්ෂණයක් සිදුකිරීම මගින් තැලසීමියා වාහකයන්දැයි සොයා බැලීමේ හැකියාව පවතී.
පසුගිය වර්ෂය වන විට පුද්ගලයන් ලක්ෂ පහක පමණ පිරිසක් තැලසීමියා රෝග වාහකයන් ලෙස හඳුනාගෙන ඇත.
තැලසීමියා යනු ශරීරය තුළ නිරක්තිය ඇති කරන, ජානමය වෙනසක් මගින් හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇති වීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක් වන අතර ඇටමිදුළු බද්ධ කිරීම තුළින් මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතී.
එසේම තැලසීමියා රෝග පරික්ෂණ සිදුකිරීම සඳහා මෙරට තුළ තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථාන පහළොවක් රෝහල් තුළ ස්ථාපිත කර තිබේ.
තැලිසීමියා වාහක තත්ත්වය පෙර හඳුනාගැනීමේ පරීක්ෂාව මගින් මහා තැලසීමියා සහිත දරුවන් බිහිවීම වැළැක්විය හැකිය.

