යල කන්නයට අවශ්‍ය සියලු පොහොර මේ වන විටත් රටතුළ තියෙනවා - ලාල් කාන්ත

Published in පුවත්
Monday, 11 May 2026 12:50

රජයට එරෙහි දුෂ්ඨ බලවේග රටපුරා බොරු ප්‍රචාරයන් සිදුකළ ද යල කන්නයට අවශ්‍ය සියලු පොහොර මේ වන විටත් රටතුළ පවතින බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

දිට්වා ආපදාවෙන් විනාශ වූ ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළා.

ලෝක උරුම ඇළහැර අමුණ පසුගියදා ඇතිවු දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වුණා. එය ප්‍රතිසංස්කරණය කිරීම වාරි මහිමය අපේ උරුමය ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.

එම කටයුතු ආරම්භ වූයේ අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද එම අවස්ථාවට එක්වුණා.

ඇළහැර අමුණේ පළමු අදියරේ ප්‍රතිසංස්කරණය සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 30ක්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග බෙදා හැරීම ගොවි ජන සේවා මධ්‍යස්ථාන මඟින් සිදු කෙරෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us