ඉදිරියේදී ඉන්ධන කෝටාව වැඩි කරත් QR ක්‍රමය දිගටම

Published in පුවත්
Tuesday, 12 May 2026 07:59

ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කළ ද QR ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලි බල සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක පවසයි.

රටේ ඉන්ධන සංචිත කළමනාකරණය සඳහා මෙම ක්‍රමය ඉදිරියට ද පවත්වාගෙන යන බවද ඇමැතිවරයා ඊයේ [11 වැනිදා] කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවැසුවේය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති අනුර කරුණාතිලක මෙසේ ද පැවැසුවේය.

‘‘ඇත්තට ම අපිට කිව්.ආර්. එකක විශේෂයෙන් අවශ්‍යතාව පැන නැගුණේ අනවශ්‍ය විදිහට ඉන්ධන භාවිතය යම් විදිහකට සීමා කරන්න. ඒ වගේ ඉන්ධන ගැටලුව නිසා අනවශ්‍ය මිලදී ගැනීම් පාලනය කරන්නත්, ඒ වගේම අනවශ්‍ය පෝලිම් ඉන්ධන පිරවුම්හල් අසල ඇති වීම වළක්වා ගැනීම සඳහා තමයි අපිට කිව් ආර් එකක අවශ්‍යතාවය තිබුණේ. අපිට දැන් ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නැති වුණත් අප තවමත් හිතනවා විශාල වශයෙන් මේ ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා අනවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් රටෙන් පිටතට ගලා යාම වළක්වා ගැනීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් සීමාවක් අපි හදාගන්න ඕන කියලා. ඒ නිසා දැනට බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව් ආර් එක නැති කරලා දාන්න ‘’

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us