සියලු දෙනා නීතියට යටත්වන නව සංස්කෘතියක් අපි නිර්මාණය කරමින් සිටිනවා - ජනපති

Published in පුවත්
Tuesday, 12 May 2026 19:18

බලය, ධනය සහ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවු සංස්කෘතිය වෙනස් කර සියලු දෙනා නීතියට යටත්වන නව සංස්කෘතියක් ඇති කිරිමේ පියවර රජය මේ වන විට තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

රාජකාරිය පිළිබඳ බියක් ඇති කර නොගෙන නීති රාමුව තුළ කටයුතු කරමින් ජන ජිවිත ගොඩනැගීමට එක්වන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.

මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දී ජනාධිපතිවරයා මේ පිළිබඳ පැහැදිලි කළා.

මේ අතර දිට්වා ආපදා වෙනුවෙන් රජය වෙන්කළ රුපියල් බිලියන 500ට අදාළ ව්‍යාපෘති මේ වසරේම අවසන් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ.

දීර්ඝ කාලීන ගැටලුවක් වු ගලේවෙල මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ද තීරණය කෙරුණා.

දිට්වා සුළි කුණාටුවෙන් හානිවු පවුල් සඳහා ලබාදුන් රුපියල් විසිපන්දහස රුපියල් පනස්දහස රුපියල් පහලොස්දහස සහ රුපියල් දසදහස යන සියලු දීමනා මාතලේ දිස්ත්‍රික්කය තුළ සම්පුර්ණයෙන් ගෙවා අවසන් බවට මෙම රැස්විමේ දී හෙළිකෙරුණා.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වු ජිවිත සහ දේපළ සඳහා වන්දි ගෙවීම නිවාස සහ ජන ජිවිත යථා තත්ත්වයට පත්කිරීමට ගෙන ඇති පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා පුළුල් ලෙස විමසා බැලුවා.

තක්සේරුවකින් තොරව වන්දි ලබාදිය හැකි සියලු නිවාස වෙනුවෙන් මේ වන විට වන්දි ලබාදී අවසන් බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ.

නායයාම් අවධානම් හේතුවෙන් ඉවත් කළ පවුල් සඳහා වන්දි ලබාදීම නිවාස කුලී දීමනා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා ලබාදීම ඇතුලු වැඩපිළිවෙල රැසක ප්‍රගතිය ද ජනාධිපතිවරයා මෙහිදි විමසුවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us