තේ කර්මාන්ත සහ ඒ ආශ්‍රිත සේවයයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

Published in පුවත්
Wednesday, 13 May 2026 09:55

තේ කර්මාන්තය හා ඊට ආශ්‍රිතව සේවයේ නිරත ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ තේ වතු සහ තේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව සේවය කරන ශ්‍රමිකයන්ට සම්බන්ධ විය හැකි අතර, දායකයාගේ මූල්‍ය හැකියාව අනුව වාරික තෝරාගැනීමේ අවස්ථාවද ලබාදී ඇත.

ඒ අනුව, වයස අවුරුදු 18 දී මෙම යෝජනා ක්‍රමයට සම්බන්ධ වන පුද්ගලයෙකු කාර්තුවකට රුපියල් 600ක දායක මුදලක් ගෙවන්නේ නම්, වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට මාසිකව රුපියල් 5,000ක විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට හැකිවේ.

එසේම, ගෙවනු ලබන වාරික ප්‍රමාණය අනුව රුපියල් 15,000, 20,000, 25,000 හෝ ඊට වැඩි මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හැකියාවද පවතින අතර, ඕනෑම අවස්ථාවක දායක මුදල වැඩිකර තම විශ්‍රාම ප්‍රතිලාභ ඉහළ නංවාගැනීමටද අවස්ථාව සලසා ඇත.

තවද, විශ්‍රාම වැටුප් ලබාගැනීමට පෙර දායකයා හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ හෝ අර්ධ අබලතාවයකට පත්වීමක් හෝ මරණයක් සිදුවුවහොත් ජීවිත රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමේ හැකියාවද මෙම යෝජනා ක්‍රමය යටතේ පවතී.

එමෙන්ම විශ්‍රාම වැටුප් ලබමින් සිටියදී දායකයා මියගියහොත්, ඔහුගේ කලත්‍රයාටද එම ප්‍රතිලාභ හිමිවන බව සඳහන් වේ.

මෙම යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වන්නේ තේ කර්මාන්තය ආශ්‍රිත ශ්‍රමිකයන්ට ගතේ සවිය නැතිදා ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බව අදාළ නිලධාරීන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us