ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන සාධනීය මැදිහත්වීම් පිළිබඳව සිදුකළ සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
එහිදී දෙරටටම ප්‍රතිලාභ සැලසෙන වෙළඳ, කර්මාන්ත, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ දෙරටේ ජනතාව අතර සබඳතා වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැහැදිලි දැක්මක් සහිත මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මෙම අවස්ථාවේදී, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙහිදී යළිත් තහවුරු කර තිබේ.

