කිරි පිටි මිල ඉහළට ! අත්‍යවශ්‍ය ආහාර රැසක මිළ ගණනුත් ඉදිරියේදී ඉහලට

Published in පුවත්
Wednesday, 20 May 2026 14:06

ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංසදය පැවසුවේය.

වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව අද (20) දිනයේ සිට ඇසුරුම් කරන ලද කිරි පිටි පැකට්ටු වල මිල මෙලෙස ඉහළ යාමට නියමිතය.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ අදාළ මිල ගණන් යටතේ වෙළෙඳපොළට ආනයනික කිරි පිටි නිකුත් කරන අතර මේ වන විට වෙළෙඳපොළේ පවතින කිසිදු ආනයනික කිරි පිටි වර්ගයක මිල ඉහළ නොයන බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය "අද දෙරණ" සිදුකළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, රුපියල අවප්‍රමාණය වෙමින් අඛණ්ඩව ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ ආනයනික භාණ්ඩ රැසක මිල ඉදිරියේදී ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්‌ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම්, සුබ්‍රමනියම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඒ අනුව ඉදිරියේ දී සීනි, පරිප්පු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යනු ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us